INVITATION FOR APPLICATIONS/NOMINATIONS – POST OF VICE CHANCELLOR

The Council of the University of Sri Jayewardenepura acting in terms of Section 34 of the Universities Act No 16 of 1978 and subsequent amendments invites applications or nominations for the post of Vice-Chancellor.

Under the provision of the Universities Act No. 16 of 1978, the Vice-Chancellor is a full time Officer of the University. He/She shall be the Principal Executive Officer, the Principal Academic Officer and the Accounting Officer of the University. He/She shall be an ex-officio member and Chairman of both the Council; and the Senate.

The Vice-Chancellor shall, unless He/She vacates office earlier or removed from office in terms of the Universities.  Act No. 16 of 1978, hold office for a term of three years or until He/She completes his/her sixty fifth year whichever occurs earlier.

The Vice-Chancellor will be responsible for providing academic leadership, formulating and introducing management policies and implementing the decisions of the Council.  He/She will be responsible for the general administration of the University and in doing so, uphold the principles of academic excellence, transparency, accountability, democratic management and effective non partisan leadership.

The successful candidate should possess a record of high academic achievement including a strong research profile, proven leadership qualities and interpersonal skills to interact objectively with diverse interest groups, a clear understanding of policy issues and a commitment to the effective implementation of decisions. He/ She should also possess a deep understanding of the ethos and mission of the University including commitment to the community (prospective applicants/ nominators are invited to visit the University web site http://www.sjp.ac.lk for details).

The Vice-Chancellor is eligible to be placed at the highest academic salary scale and to receive an entertainment allowance of 15% of the salary.

The following documents should accompany applications/nominations. The applicant/ nominee may be required to present formally or informally his/her vision for the University to the Council.

  1. A Complete Curriculum Vitae of applicant/ nominee including date of Birth.
  2. A personal statement of vision for the University indicating what the candidate expects to achieve if appointed.
  3. A letter of consent from the nominee in case of nomination.
  4. A letter from the employer indicating whether applicant/nominee could be released in the event of his/her appointment to the post, in case of an applicant/ nominee serving in public service, corporation, statutory body and higher educational institution other than the University of Sri Jayewardenepura.

Applications/ nominations should be addressed to the “Registrar, University of Sri Jayewardenepura, Gangodawila, Nugegoda” and sent under registered cover or hand delivered to reach him on or before 4.15 p.m. on 31st July 2017.

The identification and ranking of the three eligible candidates, from among the applicants/nominees, to be forwarded to the University Grants Commission, for consideration for appointment, would be done by the University Council as prescribed in the relevant UGC Circular.

The envelope containing the application/nomination with relevant material must be marked “Post of the Vice-Chancellor “on its top left hand corner.

L.L.Wasantha Perera
Acting Registrar and Secretary to the Council
University of Sri Jayewardenepura
15-06-2017

Category Posts

උපකුලපති තනතුර සඳහා අයදුම්පත්‍ර/ නාමයෝජනා කැඳවීම

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 34 වන වගන්තියේ සහ එහි තදනන්තර  සංශෝධනවල නියමයන් ප්‍රකාරව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් උපකුලපති තනතුර සඳහා පුද්ගලයන්ගේ අයදුම්පත් හා නාමයෝජනා කැඳවනු ලැබේ.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව උපකුලපති පූර්ණ කාලීන නිලධාරියෙක් වේ.  ඔහු/ඇය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා හා ගණන්දීමේ නිලධාරියා වේ.  ඔහු/ඇය නිල බලයෙන් පාලක සභාවේ හා සනාතන සභාවේ  සාමාජිකයෙක් හා සභාපති ද වේ.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව උපකුලපති කලින් ඉවත් කළහොත් හෝ සේවය අත්හැරියහොත් හැර වසර තුනක කාලයක් සඳහා පත් කරනු ලබන අතර, ඔහු/ඇය වයස අවුරුදු 65 සම්පූර්ණ වනතුරු හෝ උපකුලපති තනතුරේ කාලය අවසන් වනතුරු හෝ යන දෙකින් පූර්වයෙන් එළඹෙන  දිනය තෙක් සේවය කළ යුතු වේ.

උපකුලපතිවරයා අධ්‍යයන කටයුතු මෙහෙයවීම, කළමනාකරණ ප්‍රතිපත්ති හඳුන්වාදීම හා පාලක සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වේ.  ඔහු/ඇය විශ්වවිද්‍යාල සාමාන්‍ය පරිපාලන, අධ්‍යයන විශිෂ්ඨත්වය, පාරදෘශ්‍යභාවය, වගකීම, ප්‍රජාත්‍රාන්ත්‍රික කළමනාකරණය හා සඵල අපක්ෂපාති නායකත්ව මූලධර්ම උත්ථම්බනය කරනු ලැබේ.

ප්‍රබල පර්යේෂණ පැතිකඩක්, ප්‍රත්‍යක්ෂ නායකත්ව ගුණාංග හා විවිධ අභිරුචි කණ්ඩායම් සමඟ වාස්තවිකව ගණුදෙණු කළ හැකි අන්තර් පෞද්ගලික නිපුණතා, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් හා තීරණ සඵල පරිදි ක්‍රියාත්මක කිරීමේ කැපවීම ඇතුළු උසස් ශාස්ත්‍රාලීය ජයග්‍රහණ වාර්තාවක් සාර්ථක අපේක්ෂකයා සතුව තිබිය යුතු වේ.  ප්‍රජාව කෙරෙහි ප්‍රයාපනය ඇතුළු විශ්වවිද්‍යාලයක ගුණාත්මකභාවය හා මෙහෙවර පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔහු/ඇය වෙත තිබිය යුතුය.  (අයදුම්පත්‍ර හෝ නාමයෝජනා සඳහා විස්තර http://www.sjp.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැක.)

උපකුලපති විශ්වවිද්‍යාලයේ ඉහළම වැටුප් තලයේ තැබීමට හිමිකම් ලබන අතර,  අදාළ වැටුපෙන් 15% ක සංග්‍රහ දීමනාවක් ලැබීමට හිමිකම් ලබයි.

අයදුම්පත්‍රය හෝ නාමයෝජනාපත්‍රය  සමඟ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළයුතු වේ.  අයදුම්කරුවන්/ නාමිකයන් විධිමත් හෝ අවිධිමත් අයුරකින් තම දැක්ම පිළිබඳ විස්තරයක් විශ්වවිද්‍යාලයේ පාලක සභාවට ඉදිරිපත් කළ යුතු වේ.

  1. උපන් දිනය ඇතුළුව අයදුම්කරු/නාමිකයාගේ සම්පූර්ණ ජීව දත්ත තොරතුරු.
  2. අයදුම්කරු තෝරාගනු ලැබුවහොත් විශ්වවිද්‍යාලයේ ඉටු කිරීමට බලාපොරොත්තු වන දැක්ම පිළිබඳ ප්‍රකාශයක්.
  3. නාමයෝජනාවක් නම්, නාමිකයාගේ කැමැත්ත සහිත ලිපියක්.
  4. අයදුම්කරු/ නාමිකයන් රාජ්‍ය සේවය, සමාගමක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හැර වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක සේවයෙහි නියුක්ත වන්නේ නම් අයදුම්කරු/නාමිකයා තනතුර සඳහා තෝරා ගනු ලැබු‍වහොත් ඔහු/ඇය සේවයෙන් නිදහස් කළ හැකි බවට සේවායෝජකයාගෙන් ලිපියක්.

අයදුම්පත්‍ර හෝ නාමයෝජනා 2017 ජූලි මස 31 දින ප.ව. 4.15 ට හෝ ඊට ප්‍රථම “ලේඛකාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ” ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ පෞද්ගලිකව පැමිණ භාර දීම සිදුකළ යුතුවේ.

මේ සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් පරිදි පාලක සභාව විසින් අයදුම්කරුවන්/ නාමිකයන් අතරින් තිදෙනෙකු අනුපිළිවෙළින් තෝරා ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලැබේ.

අයදුම්පත්‍ර හා නාමයෝජනා අදාළ ලේඛන බහාලන ලිපිකවරයේ ඉහළ වම් කෙළවරේ “උපකුලපති තනතුර ලෙස සඳහන් කළයුතු වේ.

එල්.එල්.වසන්ත පෙරේරා
වැඩ බලන ලේඛකාධිකාරී හා ලේකම් පාලක සභාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
2017.06.15

Category Posts