Folklore Research Symposium for undergraduate students

First Folklore Research Symposium was held on the 9th of December 2016 with the collaboration of Faculty of Humanities and Social Sciences, Cultural Centre of the University of Sri Jayewardenepura and Arts Circle. The symposium was chaired by Dr, Praneeth Abheysundara and secretary was Prof. Charmalie Nahallage, the coordinator of the symposium was Ms. Mayuri Thennakoon from the Cultural Centre. The main objective of the symposium was to encourage the undergraduate students to conduct research and to present them in an academic forum thereby giving the opportunity to develop the research culture from their primary degree period.

The theme of this year was “Ancient Heritage, Today’s Vision, Future Haughtiness” The tracks ranged from Food Culture, Folk Literature, Folk Medicine, Folk Life, Traditional Heritage, Folk Songs, Folk Dancing, Folk Art, Folk Drama, Rituals and Magic, Plant and Animal Lore

The key note address was delivered by Prof. P. M. Karunarathna Bandara on the topic of “Sri Lankan Drum art enriched by Folklore” .

The uniqueness of this symposium was that it opened the doors for the undergraduate students for the first time in the fields of Humanities and Social sciences to present their research findings in an academic forum. Students from the University of Sri Jayewardenepura, Ruhuna University, Peradeniya University, Kelaniya University, University of Visual and Performing Arts, and Horana Sri Pali took part in the symposium. Twenty six oral presentations and 12 posters were presented in this one day symposium.

The best abstract went to Mr. H. P. T. D. Dayananda, on “A comparative study on Sumanadewa concept represented in Folklore”, from the Sri Palee Campus, The best poster presentation was awarded to Mr K. M. Sirilal on “An ethno-archeological study on the technology of ancient pottery: with reference to Beliaththa, Puwakdandaawa Village” from Buddhist and Pali University of Sri Lanka. The symposium ended with a cultural show.

Photos by J’pura Flames

 

Upcoming Events

  1. Research Awards – 2021/2022/2023

    November 22 @ 5:00 pm - 9:00 pm
  2. “Japura Kadamandiya” – Japura Entrepreneurs’ Entrepreneurial market

    November 28 @ 4:00 pm - 8:00 pm
  3. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts

උපාධි අපේක්ෂකයින් සඳහා වූ ජනශ්‍රැති පර්යේෂණ සැසිය 2016

ජනශ්‍රැති පිළිබඳ වූ පළමු පර්යේෂණ සැසිය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය හා විශ්වවිද්‍යාලිය සංස්කෘතික මධ්‍යස්ථානය හා කලා පර්ශදයේ සංවිධානයෙන් 2016 දෙසැම්බර්  මස 9 වන දින සුමංගල ශාලාවේදී පැවැත්වුණි. පර්යේෂණ සැසියේ මුලසුන ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින්ද, ලේකම් ධුරය මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මිය විසින්ද හෙබවූ  අතර  සැසියේ සම්බන්ධිකාරකවරිය ලෙස සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරිනී මයුරි තෙන්නකෝන් මෙනවිය කටයුතු කරන ලදී.

මෙම පර්යේෂණ සැසියේ මුලික අරමුණ විශ්ව විද්‍යාලීය උපාධි අපේක්ෂකයින් ගුණාත්මක පර්යේෂණ සඳහා දිරිමත් කිරීමත්, ශාස්ත්‍රීය සමුළුවක් සඳහා සහභාගී  වීමට අවස්ථාව සලසා දීම හරහා ප්‍රාථමික උපාධි මට්ටමේදීම ඔවුන් තුළ පර්යේෂණ සංස්කෘතියක් ගොඩනගා ගැනීමටඅවස්ථාව සලසා දීමත්ය.

මෙම වසරේ ජනශ්‍රැති පර්යේෂණ සැසියෙහි තේමාව වුයේ “ අතීත උරුමය, අද දැක්ම, අනාගත අභිමානය” යන්නයි. මෙම තේමාවට සමගාමිව ආහාර සංස්කෘතිය, ජන සාහිත්‍යය, හෙළ වෙදකම, ජන ජීවිතය, ජන උරුමය, ජන ගී, ජන නැටුම්, ජන කලා ශිල්ප, ජන නාටක, අභිචාර විදි, සත්ව සහ ශාක පිළිබඳව වන විශ්වාස ආදී මාතෘකා ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන ලදී

එසේම පර්යේෂණ සැසියේ ප්‍රධාන දේශනය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පි. එම්. කරුණාරත්න බණ්ඩාර මහතා විසින් “ජනශ්‍රැතියෙන් පෝෂණය වුණු ශ්‍රී ලාංකීය බෙර වදන කලාව” යන තේමාව ඔස්සේ පැවැත්වීය.

මෙම පර්යේෂණ සැසියේ සුවිශේෂිත්වය වනුයේ ප්‍රථම වරට, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත්‍රයන්හි අධ්‍යයනයෙහි නියුක්ත උපාධි අපේක්ෂකයින් හට, ඔවුන්ගේ පර්යේෂණ, ශාස්ත්‍රීය සමුළුවකදී ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිමය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය ආදී විශ්වවිද්‍යාල මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික අමාත්‍යංශය ආදියෙහි විද්‍යාර්ථින් රැසකගේ සහභාගිත්වය පර්යේෂණ සැසියෙහි සුවිශේෂිත්වය තවත් ඔප්නන්වන්නට සමත් විය.

පර්යේෂණ සැසිය අවසානයේ පැවැත්වුණු සම්මාන උළෙලෙහිදී හොදම පර්යේෂණ සාරාංශයට හිමි සම්මානය ශ්‍රී පාලි මණ්ඩපය නියෝජනය කළ එච්. පි. ටි. ඩි. දයානන්ද මහතා විසින් “ජනශ්‍රැතියෙන් නිරුපණය වන සුමන දේව සංකල්පය පිලිබදව තුලනාත්මක අධ්‍යයනයක්” යන මැයෙන් ඉදිරිපත්කල පර්යේෂණ සාරාංශය සඳහා හිමිවිය. එසේම හොදම පර්යේෂණ සාරාංශ ප්‍රදර්ශනාත්මක ඉදිරිපත් කිරීම සඳහා වන සම්මානය “පුරාණ වළං තාක්ෂණය පිලිබඳ මානව වංශ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්:බෙලිඅත්ත පුවක් දන්ඩාව ග්‍රාමය ඇසුරින්” යන මාතෘකාව යටතේ සිදු කළ  බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක කේ. එම්. සිරිලාල් මහතාට හිමිවිය.

ඡායා රූප : J’pura Flames

 

Upcoming Events

  1. Research Awards – 2021/2022/2023

    November 22 @ 5:00 pm - 9:00 pm
  2. “Japura Kadamandiya” – Japura Entrepreneurs’ Entrepreneurial market

    November 28 @ 4:00 pm - 8:00 pm
  3. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts