ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශය විසින් 2022 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මානව විද්‍යා දිනය හා සමගාමීව පවත්වනු ලබන ‘මානව විද්‍යා වාර්තා චිත්‍රපට තරගය’ සඳහා පාසල් අංශයේ දරුදැරියන්ට සහ විශ්වවිද්‍යාල අංශයේ විද්‍යාර්ථීන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය. තරගය පිළිබඳ සියලු ම විස්තර පහත සඳහන් වේ.
තරග තේමා
■ සංස්කෘතික, ආගමික උත්සව සහ සැමරුම්
■ ආගම සහ අභිචාර
■ ජනශ්‍රැති සහ ශිල්ප කලා
■ මිනිසා, සතුන් සහ පරිසරය
■ ජන විවිධත්වය සහ සෞන්දර්යය
■ ආහාර සංස්කෘතිය
■ සාම්ප්‍රදායික වෙද-හෙදකම්
■ ඓතිහාසික උරුමය
තරග කොන්දේසි
■ පාසල් අංශය සහ විශ්වවිද්‍යාල අංශය ලෙස තරග අංශ දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
■ පාසල් අංශයේ අයදුම්කරුවන් 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යාවන් විය යුතු ය.
■ විශ්වවිද්‍යාල අංශයේ අයදුම්කරුවන් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් විය යුතු ය.
■ අයදුම්කරුවන්ට සිය නිර්මාණ කේවල වශයෙන් හෝ උපරිමය පස්දෙනෙකුගෙන් යුතවන පරිදි කණ්ඩායමක් වශයෙන්ද තරගය සඳහා ඉදිරිපත් කළ හැකි ය.
■ අයදුම්කරු නිර්මාණයේ අධ්‍යක්ෂක විය යුතු ය.
■ තමන් අභිමත කැමරාවක් භාවිත කරමින් ධාවන කාලය උපරිම විනාඩි 6කට සිය නිර්මාණය සීමා කළ යුතු ය.
■ භාෂාත්‍රයෙන් ම නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර දමිළ භාෂාවෙන් සිදු කර ඇති නිර්මාණ සඳහා සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපසිරැසි ගැන්වීම සිදු කළ යුතු ය.
■ සියලු ම නිර්මාණවල රූප රාමුවල තත්ත්වය HD (16.9) හා වීඩියෝ ආකෘත්‍රිය MP4 විය යුතු ය.
■ සියලු ම නිර්මාණ මානව විද්‍යාව හා සම්බන්ධ ඉහත සඳහන් තේමාවන් සමඟ සම්බන්ධ විය යුතු අතර ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සහ ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ නිවැරදි සහ සත්‍ය තොරතුරු අනතර්ගත විය යුතු ය.
■ වාර්තා චිත්‍රපටය මගින් කිසියම් ආගමක්, ජාතියක්, භාෂාවක්, පුද්ගලයෙක්, ආයතනයක් නිග්‍රහයට ලක් නො විය යුතු අතර ලිංගික හෝ අසභ්‍ය දර්ශන ඇතුළත් නො විය යුතු ය.
■ ඉදිරිපත් කරනු ලබන නිර්මාණය කුමන හෝ ආකාරයක තරගයකින් ජයග්‍රහණය නො ලැබූ සහ කුමන හෝ මාධ්‍යයක පළ නො වූ නිර්මාණයක් විය යුතු ය.
■ සියලු ම නිර්මාණ අයදුම්කරුවන් විසින් නිර්මාණය කළ බවට සහතික කළ යුතු අතර තරගය අතරතුර දී එසේ නො වන බවට හැගී ගිය හොත් එම නිර්මාණ සම්මාන සඳහා සලකා බලනු නො ලැබේ.
■ නිර්මාණය පිළිබඳ වචන 400කට නො වැඩි සාරාංශයක් අයදුම් පත්‍රය සමඟ එවිය යුතු ය.
■ සියලු ම නිර්මාණකරුවන් අයැදුම් පත්‍රය, නිර්මාණය සහතික කිරීමේ ප්‍රකාශ පත්‍රය, නිර්මාණයේ සාරාංශය, වාර්තා චිත්‍රපටයේ පෝස්ටරය :ඔයමපඉප්සක – (1280×720) සහ වාර්තා චිත්‍රපටයේ MP4 ආකෘත්‍රිය anth.adfa2022@gmail.com යන විද්‍යුත් ලිපිනය හරහා 2022 නොවැම්බර් මස 28 වැනි දිනට ප්‍රථම ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශය වෙත ලැබෙන්නට සැලැස්විය යුතු ය.
■ පාසල් සහ විශ්වවිද්‍යාල අංශ ද්විත්වයෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලෙස නිර්මාණ 06ක් ඇගයීමට ලක් කරනු ලැබේ.
■ අන්තර්ගතයේ දෝශ රහිත සියලු ම නිර්මාණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ නිල යූ ටියුබ් නාලිකාවේ උඩුගත කරනු ලැබේ. ජයග්‍රාහී ස්ථාන ලබා ගන්නා නිර්මාණ 06 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ නිල වෙබ් අඩවියට ඇතුලත් කරනු ලබන අතර එය මානව විද්‍යා අතත්‍ය කෞතුකාගාරයට (Anthropology Virtual Museum) ද ඇතුළත් කරනු ලැබේ.
■ මානව විද්‍යාව හා චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් යටතේ විනිශ්චය කිරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ නිල යූ ටියුබ් නාලිකාවේ සහ නිල ෆේස්බුක් පිටුවෙන් ලැබෙන මනාප ප්‍රතිශතය හරහා අවසාන විනිශ්චය තීරණය වේ.
■ තරගයේ අවසන් ප්‍රතිඵල සහ සම්මාන ප්‍රදානෝත්සවය 2022 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මානව විද්‍යා දිනයේ දී සිදු කෙරෙන අතර එදිනට ප්‍රථම ස්ථානය ලබාගත් නිර්මාණ ද්විත්වය තිරගත කිරීමට ද කටයුතු සූදානම් කර තිබේ.
■ තරගයේ සියලු තීරක බලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ තරග සංවිධායක කමිටුව සතු වේ.
■ ජයග්‍රාහී නිර්මාණ සඳහා ත්‍යාග, කුසලාන සහ සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබේ.