ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා උපකුලපති ධුරයේ වැඩබාරගැනීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායන මැද්දේ සිදුවිය. වැඩ බාරගැනීමට ප්‍රථම මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාලීය ප්‍රධාන බුදු මැඳුර අසල පන්සිල් සමාදන් වූ අතර පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි පිළිරුව සහ පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි පිළිරුව සඳහා පුෂ්පෝපහාර දැක්විය.
වැඩභාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ “පීඨ හතකින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විශ්වවිද්‍යාලය බවට පත් කිරීම එතුමන්ගේ අභිලාශය බවයි.”