මුල්‍ය ශිෂ්‍ය සංගමය තවත් එක් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් නාද 2016 පවත්වන ලදී. අඛණ්ඩව සත්වන වරට පැවැති නාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රී සුමංගල ගොඩනැගිල්ලේ කියවීම් ශාලාවේදී 2016 සැප්තැම්බර් මස 01 දින 5000 කට අධික ප්‍රේක්ෂක අකාර්ශනයක් සමග පැවැත්වුනි. මෙම විශේෂ සිදුවීම මුල්‍ය දෙපාර්තමේන්තුවේ අවුරුදු පහළොවක උරුමය සැමරීම සමග සහයෝගීව සංවිධානය කරන ලදී.
මේ සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඔහුගේ උණුසුම් සුබපැතුම් එක් කරන ලදී. වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා සමග වෛද්‍ය පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරු, මුල්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානි මහාචාර්ය ඩී. බී. පි. එච්. දිසාබණ්ඩාර, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ හා අලෙවි දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සහ අනෙකුත් අධ්‍යයන හා අනධ්‍යයන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගී විය.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රේක්ෂක සමුහයට සුමංගල පරිශ්‍රය තුල ඉඩ පහසුකම් අඩු වූ නිසා පරිශ්‍රයෙන් පිටත තිරයක සජීවීව නාද 2016 විකාශය කෙරුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්රසාංගික කලා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ප්‍රදීප් රත්නායක මහතා සහ සංගීත් නිපුන් පේෂල මනෝජ් විසින් කල ඉදිරිපත් කිරීම සමස්ත ප්‍රේක්ෂක සිත් සතන් තුළ නවමු අත්දැකීමක් ජනිත කළේය.
නාද – 2016 සිසුන්ගේ ගායන, නර්ථන හා නාට්‍ය හැකියාවන්ගෙන් පිරි තිබුණි.