මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන අපරාධ විද්‍යා හා අපරාධ යුක්තිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් සිසුන් හට ඩිප්ලෝමා ප්‍රධානය 2017 ඔක්තෝම්බර් මස 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති, මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර පොලිස්පති, පුජිත විජේසුන්දර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතරම එතුමා විසින් ආරාධිත දේශනයද සිදු කරන ලදී. එසේම උප පොලිස්පති සජීව මැදවත්ත මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී, අනුරුද්ධිකා බුද්ධදාස මහත්මිය, ඩිප්ලෝමා පාඨමාලාවේ සමායෝජක, ආචාර්ය සුනිල් රජනෙත්ති මහතා ඇතුළු අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.