රෝග බිය හද දවන අසුන්දර කාලයක බුදුගුණ සිහිකරනු වස් සිදුකරන බැතිබර වෑයම…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන
මෙම වැඩසටහන පහත අයුරින් සංවිධානය වේ.
❖ මැයි 05 දින සිට 12 දින දක්වා වෙසක් කලාපය සෑම දිනකම සවස 6 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ facebook (www.facebook.com/usjpbs) පිටුව හරහා ක‍්‍රියාත්මක වේ.
❖ එම කාලය තුළ
– Digital තොරණ
– අසිරිමත් ධර්ම දේශනා
– ජාතක කතා
– දහම් දැනුම වැඩසටහන්
ආදී වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වේ.
❖ එසේම මෙම වැඩසටහන සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසු සිසුවියන් නිවසේ සිට නිර්මාණය කරන
– වෙසක් පහන් කූඩු
– බැති ගී ගායනා
– වෙසක් කවි,නිසඳැස්,ගීත නිර්මාණ
– චිත‍්‍ර,වෙසක් කාඩ් ඇතුළු අත්කම් නිර්මාණ
– Photos, videos ඇතුළු graphic, electronic නිර්මාණ
ආදිය භාරගනු ලැබෙන අතර එම නිර්මාණය සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ facebook පිටුව මඟින් පලකිරීමට බලාපොරොත්තු වේ.
❖ නිර්මාණය ලබාදීම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම සැමට විවෘත වේ.
❖ වෙසක් මංගල්‍යය බබළවමින් අපමණ පින්ඵල නෙලාගන්නට ඔබ සැමට මෙම වැඩසටහන හා එක්වන මෙන් මෙත් සිතින් යුතුව සිහිපත් කරමු.
තෙරුවන් සරණයි.
සංවිධානය –
සුපිපෙන පියුම් බෞද්ධ සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය