ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මඟින් පවත්වනු ලබන චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
සුදුසුකම්
පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීම විශ්වවිද්‍යාලය සතු ය
අයදුම්පත සහ පාඨමාලාව පිළිබඳ විස්තර www.sjp.ac.lk/fhss වෙබ් අඩවියෙන් සහ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙන් ලබාගත හැකිය. අදාළ අයදුම්පත සමග ගංගොඩවිල මහජන බැංකු ශාඛාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජවිද්‍යා පීඨයේ ගිණුම් අංක 013010001579ට බැරවන පරිදි රු.1000/= ක මුදලක් ගෙවා ලබා ගත් රිසිට්පත අයදුම්පත්‍රය ද සමග පාඨමාලා සමායෝජක, චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.
සැ.යු. පාඨමාලාව ආරම්භයේ දී දැනට පවතින වසංගත තත්වය නිසා zoom මඟින් සහ පසුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දේශන කටයුතු සිදුකෙරෙනු ඇත. මෙම ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් අයදුම් කළ යුතු වේ.
විමසීම් :
මහාචාර්ය ඒ.එම්.එන්.ඩබ්. මෙන්ඩිස්
පාඨමාලා සමායෝජක
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
දු.ක. 0714843284/0112758307
E-mail – palifhss@gmail.com