2006 ජනවාරි 2 වන දින විශ්වවිද්‍යාලයීය කලාපර්ශදයෙහි ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයෙහි සංස්කෘතික මධ්‍යස්ථානය මගින් අංගම්පොර සටන් කලා පාඨමාලාව ආරම්භ කරන ලදී. එහි දී කොට්ටේ අංගම් සටන් පරම්පරාවට නෑකම් කියන්නා වූ මිරිහාන ප්‍රදේශයෙහි පදිංචි කලාභූෂණ ජී. කරුණාපාල ගුරුතුමන් සංස්කෘතිකත අමාත්‍යාංශය මගින් නිර්දේශ කරන ලදුව 2006 සිට වර්ථමාණය දක්වාම අංගම් සටන් කලාව නොමසුරුව විශ්වවිද්‍යාල ප්‍රජාවහට පුහුණු කරවයි.
2008 වර්ෂයේ විශ්වවිද්‍යාලයෙහි 50 වන සංවත්සර උළෙල තුළ අංගම්සටන් ශිල්පය ර`ගදැක්වීමක් විශ්වවිද්‍යාලය තුළ මුල්වරට සිදු කර ඇත. ඉන්පසුව විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහභාගීත්වය ඇතිව රණවිරු උත්තමාචාර ගීතයෙහි සටන් අධ්‍යක්ෂණයෙන් හා රංගනයෙන් ද දායකත්වය සපයා ඇත. පළමුවරට විශ්වවිද්යාලිය සිසුන් විසින් සංවිධානය කරණ ලද අංගම් සංදර්ශනයක් පවත්වන ලද්දේ 2010 මැයි 18 දින දැනට විශ්වවිද්‍යාලයෙහි දක්නට නොමැති වුව ද එවක පැවති සරසවි චිත්‍රාගාරය හෙවත් සිසුන් විසින් හැඳින්වූ නැට් (බ්එ* ගොඩනැගිල්ල තුළය. ඉන්පසු විවිධ අවස්ථාවන්හි අංගම්සටන් ශිල්පය මෙම විශ්වවිද්‍යාලය තුළ සන්දර්ශනාත්මකව ඉදිරිපත් කර ඇත. 2014 වේදිකාවෙන් මහපොළවට කලා උළෙල තුළත් නවක සිසුන්ගේ නම්ණීකරන වැඩසටහන් කිහිපයක ම එලෙස අංගම් සටන් ශිල්පයෙහි විශ්වවිද්‍යාල සිසුන්ගේ දක්ෂතාව පෙන්වා ඇත.
අංගම්පොර සටන්කලාවෙහි නව පුනරුදයක් ලෙස විශ්වවිද්‍යාලය තුළ 2016 වසරෙහි දී ‘‘විදුදය අංගම් කලා සංගමය’’ නමින් අංගම් කලා සංගමයක් කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානයෙහි මූලිකත්වයෙන් පිහිටුවනු ලැබීය. විශ්වවිද්‍යාලයෙහි උපකුළපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, කලා පර්ෂදයෙහි සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, මහාවාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා යන ගුරුභවතුන්ගේ උපදේශකත්වයෙන් මේ වන විට අංගම් කලා සංගමයෙහි කටයුතු පවත්වාගෙන යනු ලබයි.
ඒ අනුව 2016 දෙසැම්බර් 06 වන දින සුමංගල කියවීම් ශාලා පරිශ්‍රයෙහි විදුදය අංගම් කලා සංගමයෙහි මංගල අංගම්පොර සන්දර්ශනය පවත්වන ලදී එහි දී අංගම්පොර සටන් උපදේශක කලාභූෂන ජී. කරුණාපාල ගුරුතුමන්ගේ හා එතුමාගේ පුත් තුසිත පත්ම කුමාර ගුරුතුමන්ගේ සටන් උපදේශයෙන් පුහුණුව ලැබූ විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියෝ රැුසක් තම දක්ෂතාවයන් ඉදිරිපත් කර පෙන්වීය.
එතැන් සිට ගුරුතුමන්ගේ හා සිසුන්ගේ ඉල්ලීම පරිදි අංගම්පෙිර දේශීය සටනිකලාව තව දුරටත් ශිෂ්‍ය ප්‍රජාව හට ප්‍රගුණ කිරීමෙහි පහසුව සඳහා අංගම් මඩුවක් ඉදිකිරීම සඳහා උපකුළපතිතුම්ගේ නිර්දේශය හා අනුග්‍රහය ඇතිව ආරම්භ කරණ ලදී . ඒ අනුව උපකුළපති මහාචාර්ය සම්පත් අමරතුංග, කලාපර්ෂදයෙහි සභාගති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, කලාපර්ෂදයෙහි භාණ්ඩාගාරික ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජනක් කුමාරසිංහ යන ආචාර්යවරුන්ගේ හා සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිළදාරිනී මයුරි තෙන්නකොන් හා සහකාර නිළදාරී සමන්ත මහතා හා විශ්විද්‍යාල නඩත්තු අංශයෙහි ප්‍රධාන වැඩ ඉන්ජිනේරු අසංක මහතා ඇතුලූ එම කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් අංගම් ගුරුතුමන්ගේ සුරතින් අංගම් මඩුව සෑදීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුකරණ ලදී.
ව්දුදය අංගම් කලා සංගමයෙහි අභිලාශයන්
- හෙළ රාවන පරපුරෙහි අභිමානීයත්වය ඔප්නංවන්නා වූ පාරම්පරික දේශීය අංගම්පොර සටන් කලාවෙහි ජීව ශක්තිය සුරැුකිනුවස් කටයුතු කිරීම .
- විශ්වවිදයාලයීය ශිෂ්‍ය ප්‍රජාවට දේශීය අංගම් සටන් ශිල්පය හැදෑරීමේ ඉඩප්‍රස්තා සැළසීම
- වියැකෙමින් පවතින දේශීය අභිමාණවත් හෙළ අංගම් සටන්කලාව ජාතික මට්ටමින් නගා සිටුවීම හා අනාගත පරපුරට දායක කිරීම
- අංගම් සටන් කලාවෙහි දේශීය අනන්‍යතාවය ස්මතු කිරීම
- හෙළ අංගම් සටන් කලාව අනෙකුත් විදේශීය සටන් කලාවන් හා මීශ්‍ර වී විකෘර්ති වීමට ඉඩ නොදී සටන් ශිල්පය පිළිබඳ ඉපැරණි සිද්ධාන්තයන් ඒ අයුරින්ම සුරක්ෂිත කිරීම
- සිංහල ජාතික හා බෞද්ධ ආගමික අභිවෘද්ධිය සඳහා අංගම්පොර සටන් කලාවෙහි දායකත්වය සැළසීම
- අංගම් කලාවෙහි ඓතිහාසිකත්වය පිළිබඳව ලියවී ඇති ඓතිහාසික ග්රන්ථ හා ලේඛන පිළිබඳව සොයා බැලීම
- ශී‍්‍ර ලාංකික අනෙකුත් සාම්ප්‍රදායික කලාවන් විශයෙහි අංගම්පොර සටන් කලාව කවරාකාරයෙන් සම්මිශ්රනව පවතින්නේ ද යන්න සොයා බැලීම.
- අංගම් සටන් ශිල්පට අයත් අනෙකුත් ශිල්ප කලාවන් පීළිබඳ අවබෝධය ලබා ගැනීම
- ජාතික හා ආගමික සුරක්ෂිතභාවය විශයෙහි අංගම්පොර සටන් ශිල්පය උපයෝගී කර ගැනීම