ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට උපකුලපති සම්මානය ද සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය ද හිමිවිය.
අඛණ්ඩව 3 වැනි වරටත් සංවිධානය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 එහි නිර්මාතෘ සහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 03 වැනිදා බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී පැවැත්විය.
වඩා කැපී පෙනෙන සම්මානයක් වූ උපකුලපති සම්මානය ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට ද සහ පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට ද හිමිවිය.
මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කවුන්සිලයේ සම සභාපති මහාචාර්ය එම්. පත්මලාල් මහතා පවසා සිටියේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වල නිබන්ධන සහ සම්පුර්ණ පර්යේෂණ පත්‍රිකාවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවයි.
පර්යේෂණ වලට වෙළඳ වටිනාකමක් ලබාදෙමින් ඒවා සමාජ ගත කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාලය ස්ථාපනය කර ඇති නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලයේ වැදගත් කම පෙන්වා දුන් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඉදිරියේදී ස්ථාපනය වීමට නියමිත පර්යේෂකයින්, ව්‍යාපාරිකයින් සහ නව්‍යකරණ ශිල්පින් එකම වහලක් යටට ගෙනෙන “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුළුතැන්ගේ” පිලිබඳව ද පිරිස දැනුවත් කළේය.